මත්පැන් - දුම්වැටි නගී


අරක්කු සහ සිගරැට් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇතැයි රජය කියයි. රට බීර ලීටරයක් රුපියල් 50කින් ද, මෙරට බීර ලීටරයක් රුපියල් 5කින් ද, අරක්කු ලීටරයක් රුපියල් 60කින් ද, සිගරැට්ටුවක් රුපියලකින් ද වැඩි වන බව රජය නිවේදනය කරයි. බලාපොරොත්තුවන ආදායම රුපියල් කෝටි තුන්සියයකි.