අජන්ත කුමාර අගලකඩ
මත්ද්‍රව්‍යවලට එරෙහිව මුළු රටම ලබන 3 වැනි දා එකම වේලාවකදී දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (6) පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේ දී ප්‍රකාශ කළේය.
එහි ප්‍රධාන උත්සවය ලබන මස 3 වැනි දා උදේ 8.00 ට කොළඹ නිදහස් චතුරඝ්‍රයේ දී පැවැත්වෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටපුරා සියලුම පාසල්වල දරුවන් ද රාජ්‍ය හා පෞද්ගලික ආයතන ද එදින දිවුරුම් ප්‍රතිඥාව දීමට එක්වන බව ජනාධිපතිවරයා කීය.
තමා පොලිසිය බාරගෙන මාස තුනක් පමණ වන බව කී ජනාධිපතිවරයා එම කාලය තුළ කිසිදු බලපෑමකින් තොරව පොලිසියට කටයුතු කරන්නට ඉඩ ලැබුණු බවද කීවේය.
තමා පොලිසිය බාර ගනිද්දී ආණෟඩුව පැත්තෙන්ද යම් යම් මැසිවිලි විවේචන ආදිය එල්ල වූ බව කී ජනාධිපතිවරයා ඇතැම් තානාපතිවරුන් පවා තමාගෙන් ඒ ගැන විමසූ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන වැඩසටහනේ දී ඉතා හොඳ ප්‍රතිළුල මේ කාලය තුළ ලැබී ඇති බවද ජනාධිපතිවරයා කීවේය.

