මත්ද්‍රව්‍ය වෙළෙඳාමට යෙදවු දරු දෙදෙනා පරිවාසයට


 

 

 

බිඟුන් මේනක ගමගේ

 

මත්ද්‍රව්‍ය වෙළඳාමට යොදාගත් බව කියන දරුවන් දෙදෙනකු පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු භාරයට පත්කිරීමට බම්බලපිටිය ළමා අධිකරණය නියෝග කර ඇත.

 

වයස අවුරුදු 14 ක දැරිවියක හා අවුරුදු 12 ක දරුවෙකු මෙසේ පරිවාස භාරයට පත් කෙරුණේ ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා ගල්කිස්ස නොවිසඳුණු අපරාධ ඒකකය විසින් ඔවුන් සිය භාරයට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

 

මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් වී ඇති බවට ඔවුන්ගේ පාසල්වල ප්‍රධානීන් විසින් තහවුරු කරන ලදැයි ද පොලිසිය පවසයි. 

 

මෙම දරුවන් මත්ද්‍රව්‍ය වෙළඳාමට යොදාගත් පිරිස් සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය හා ගල්කිස්ස නොවිසඳුණු අපරාධ ඒකකය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.