මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට වෙනම බන්ධනාගාරයක්



 
විනීතා එම් ගමගේ
 
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණ දඬුවම ලක්කර ඇති රැඳවියන්ට නව බන්ධනාගරයක් ඉදිකර එහි රඳවන්නැයි හෙළ බොදු සවිය සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.


එකී නව බන්ධනාගාරය තෝරා ගත් හුදකලා ප්‍රදේශයක ඉදිකර සියලූම සන්නිවේදන අවහිර වන අයුරින් සකස් කර විශේෂ කාර්ය බළකාය යටතේ දැඩි රැකවරණය සහිතව පවත්වාගෙන යා යුතු යැයි ද උන්වහන්සේ තම ලිපියෙන් යෝජනා කර ඇත.


කැබිනට් මණ්ඩලය මගින් ඒකමතිකව තීරණය කරන ලද මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය දිය යුතුය යන යෝජනාව කාලෝචිත වුවද ඇතැම් දේශීය හා විදේශීය ලෝකවාසින්ගෙන් එන තර්ජන ගර්ජන සුළුපටු නොවිය හැකි බැවින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බව ද උන්වහන්සේ තම ලිපියෙන් පෙන්වා දෙති. 


බුදුගල ජිනවංශ හිමියන් විසින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වේ. 


‘‘නමගිය මත්දව්‍ය ජාවාරම්කාර මහ මොළකරුවන් විශාල ප්‍රමාණයකට බෝගම්බර බන්ධනාගාරයේ සුපිරි නවාතැන් පහසුකම් ලබාදී ඇතිබව ජනමාධ්‍ය  වාර්තා කර තිබිණි.

මෙය ඉතාමත් බේදජනක  ක්‍රියාවකි. ඒ හොරොයින් කිලෝ 104 සමඟ අත්අඩංගුවට පත් මොහොමඩ් සුසෙයි, මොහොමඩ් සාහිර් යන දෙදෙනාට පවුලේ සාමාජිකයන්ට බන්ධනාගාර නිළධාරින්ට සිටිය හැකි බංගලාවල පහසුකම් සහිතව රැඳී සිටීමට අවස්ථාව සලසා දී තිබුණේ කවුරුන්ද? ඒ බන්ධනාගාර නිලධාරින් මිසක් වෙන කවුරුත් නොවේ. දේශපාලන කේෂ්ත්‍රයට සමානව  සේවය ගැන ද අප දැන් කණගාටු වන්නෙමු. 


විශේෂයෙන් බන්ධනාගාර නිලධාරින් හා පොලිස් නිලධාරින් රජයේ ආරක්ෂක අංශ වෙත බඳවා ගන්නේ මෙරට සිටින බුද්ධි අංශ නිලධාරින් විසින් කරන පරීක්ෂණයකින් විධිමත් අධ්‍යාපන මට්ටමක් ඇති පිරිසකි.


එසේම මෙම නිලධාරින්ට මෙම කේෂ්ත්‍රය පිළිබඳව නිසි අවබෝධයක් ලබාදී බඳවා ගන්නා බවද සත්‍යයි. එමගින් රටේ නීතිය, මෙන්මඑම ආයතන වල නීතිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දී ඇත. එවැනි තත්ත්වයක් තුළ ධනයට, බලයට ලොල් වී ඇතැම් නිලධාරින් සිදුකරන නොහොබිනා වැඩ නිසා රටේ ආරක්ෂාවට මෙන්ම සාමයට දැඩි තර්ජනයකට ලක් වී ඇත.