(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ගතවූ කාලය තුල හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොග වශයෙන් දිගින් දිගටම හමුවීමත්, මත්ද්‍රව්‍ය වැරදිවලට සිරගත වූ පුද්ගලයන් බන්ධනාගාරගතව සිටිමින්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමත් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
මේ අතර මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධව පුද්ගලයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස විවිධ සංවිධානවල නියෝජිතයන්ද ජනාධිපතිවරයාගේන් ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට තිබේ.