මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 88916 ක් පුනරුත්ථාපනයට


(පුෂ්පකුමාර ජයරත්න)
 
පසුගිය 2012 වසරේ සිට ගෙවී ගිය 2017 වසර  දක්වා  වසර හයක කාලයකදී නිතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය  වැරදි සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන්  88916 දෙනෙක් ප්‍රජා විශෝධන ආඥා පනත යටතේ  අධිකරණය විසින් පුනරුත්ථාපනය සඳහා  යොමු කර  තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරිම් හා  හින්දු  ආගමික කටයුතු  අමාත්‍යාංශය යටතේ  ඇති ප්‍රජා විශෝධක දෙපාර්තමේන්තුව මගින්  නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.

දිවයින පුරා පිහිටි  මහේස්ත්‍රාත්  අධිකරණ සහ සංචාරක අධිකරණ 125 ක් මගින්  මත්ද්‍රව්‍ය  වැරදි  වලට  සම්බන්ධ මෙම පිරිස පුනරුත්ථාපනය සඳහා  යොමු කර ඇත.