
(රංජිත් රාජපක්ෂ)
මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පුර්ණයෙන්ම නැතිකර මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.
මස්කෙළිය මවුස්සාකැලේ සමන් දේවාලයේ ආශිර්වාද පූජාවකට සහභාගී පසුව මන්ත්‍රීවරයා අද (1) මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.
‘ජනාධිපතිවරණයේදිත්, මහ මැතිවරණයෙදිත් අපි ලබා දුන්න පොරොන්දු එකමයි, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමයි. කෙටි කාලීන, මධ්‍යකාලීන, දිර්ඝකාලීන සැලසුම් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එම වැඩසටහන් අපි එලෙසම ඉදිරියට රැගෙන යනවා.මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස විවිධ අය ඉන්න පුළුවන්. බන්ධනාගාරවලින් මෙහෙයවලා තියෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා පත් කරලා තිබුණු නාකොටික් බ්ලුරෝ එකෙනුත් මේක මෙහෙයවලා තියෙනවා. පතාලයේ නායකයින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට සහ විදේශීය රටවල සිදු කරනවා. මේක කවුරු මෙහෙයවුවත් ඉතාමත් ඉක්මණින් අපි මත්ද්‍රව්‍යවලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කරනවා.
වනාන්තර එළිපෙහෙළි කිරිම, විනාශ කිරීම බරපතල වරදක්, පුරාවිද්‍යාත්මක දේවල් විනාශ කිරීම බරපතල වැරදි. ඒවට හරියට නීතිය ක්‍රියාත්මක වෙයි. ඇමැතිකම් ලැබුණද නැද්ද කියන එකයි, ලබාදුන් පොරොන්දු ඉටු කිරිමයි දෙකක්. නුවරඑළිය ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් කරලා වැඩ කරන්න වරමක් ලබාදීලා තියෙනවා. ඒ නිසා මම ඒ වරම උපරිම ප්‍රයෝජනයට ගනිමින් ලබා දුන් පොරොන්දු සියල්ල ඉටු කරනවා. මට නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු බාරදීලා තියෙනවා, මම ඒක ශක්තියක් කරගෙන වැඩ කරගෙන යනවා. ඇමැතිකම් දෙනවද නැද්ද කියන එක මට අදාළ නෑ.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අපි කිව්වේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ නැති කාලයේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති විධායක ක්‍රමය හඳුන්වලා දෙන වෙලාවේ, අනුපාත ක්‍රමය හඳුන්වලා දෙන වෙලාවේ තමයි අපි මේක කිව්වේ.
එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්ව පොරොන්දු, එදා මැතිනිය දුන්න පොරොන්දු, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දු, ඉටු කරන්න 1978 ව්‍යවස්ථාවෙන් පසුව ලබාදුන් ප්‍රථම ජනවරම මේවරයි.
අපිට 151 තියෙනවා. ඒ නිසා අපිට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, මැතිවරණ ක්‍රමයක් ඇති කිරිමට අවශ්‍යය ඉඩ කඩ තියෙනවා. 20 වෙනි සංශෝධනය රැගෙන ඒමට අපි දැනටමත් කටයුතු කරලා තියෙනවා. ඉදිරි දෙසතිය තුළ අපි ඒක පාර්ලිමේන්තුවට ගේනවා. විග්නේෂවරන්ට ඕනි නැති කතාවක්නේ කිව්වේ. ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න එයා පණ්ඩිතයෙක් නෙවෙයිනේ.
එයා විනිසුරුවරයෙක්. එයාට වඩා මේ රටේ ප්‍රථම භාෂාව මොකක්ද කියලා කියන්න ඕනි තරම් පඩිවරු, පුරාවිද්‍යාඥයින්, භාෂා විශේෂඥයින් ඉන්නවා. එයා මුලින්ම සිංහල දෙමළ භාෂාව කතා කරන්න පුරුදු වෙන්න කියන්න. එයාගේ ළමයින්ට දෙමළ භාෂාව කතා කරන්න පුරුදු කරන්න කියන්න. එතුමා කළ ප්‍රකාශය වැරදියි. ඒක ද්වේෂ සහගතයි. සිංහල-දෙමළ ජනතාව අතර ප්‍රශ්නයක් හදන එකක් ඒක. සියලු ජාතින් එකට ඉන්න රටේ. ජාතිවාදි බේද ඇතිකිරීම දේශ ද්‍රෝහි ක්‍රියාවක්. විග්නේෂ්වරන් ඔය කරන්නේ උතුරේ ප්‍රභාකරන්ගේ තොටිල්ලේ හැදුණු දරුවන් සනසවන්න තමයි ඔය ප්‍රකාශ කරන්නේ. එවා ඇත්ත සටන් පාඨ නෙවෙයි.
දකුණු ඉන්දියාවේ දමිළ භාෂාව පාලි සම්මිශ්‍රණයකින් පෝෂණය වුණා මෙන්ම, ලංකාව තුළ පාලි සංස්කෘතික භාෂාව සමඟ බුද්ධ ධර්මය, නාග භාෂාව, යක්ෂ භාෂව, වැදි භාෂාව හරහා බිහි වුණ භාෂාවක් තමයි සිංහල භාෂාව’ යනුවෙන්ද මන්ත්‍රීවරයා පැවසීය.


