මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකින් අත්අඩංගුවට


(ටී.කේ .ජී.කපිල )
                     
යුරෝපා රටවල භාවිතා කරන අති භයානක මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියක් අද (11) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
 
මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා වෙළඳසලක් පවත්වාගෙන යන 50 හැවිරිදි පුද්ගලයෙකි .
 
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්පැන් සඟවා ගෙන තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ප්‍රකාශකයෙක් කීය.