මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24කගේ දේපොළ රාජසන්තක කිරීමට යයි


මේ වන විට හඳුනාගෙන ඇති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ දේපොළ රාජසන්ත කිරීම සඳහා විශේෂ විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.


ඒ අනුව හඳුනාගෙන ඇති ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් 24 දෙනකුට එරෙහිව පරීක්ෂණ අරඹා ඇතැයිද  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

 

(36698)