
කොම්පඤ්ඤවීදීය පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක සිදු කරන ලද වැටලීම් වලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මත්ද්‍රව්‍ය , මුදල් ඇතුළු භාණ්ඩ රැසක් සමඟ අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
කොම්පඤ්ඤවීදීය,දෙමටගොඩ, මීතොටමුල්ල කොළොන්නාව යන ප්‍රදේශවලින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
හොරොයින් ග්‍රෑම් 7 මිලිග්‍රෑම් 250 ක් , ඔවුන් සතු මුදල් 130,000 ක් යතුරුපැදියක් ,ත්‍රිවීල් රථයක් මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත.සැකකරුවන් දෙදෙනකු රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම් සිදු කරන බවද පොලීසිය කියයි.
(ඡායාරූප - ගයාන් අමරසේකර)






