(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අද (10) තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් අද (10) ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස මත්ද්‍රව්‍ය වැරදිවලට මරණ දඬුවම් හිමි වු ජාවාරම්කරුවන් ද සිටින බැවින් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට සම්බන්ධයෙන් දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.
මේ තත්වය මත මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ අවස්ථාවේ ඇමැතිවරුන් ද අත් ඔසවමින් ඊට අනුමැතිය පළකර ඇතැයි වාර්තා වේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදි කරන්නන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ලේඛනයක් ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට එහිදී දැනුම් දී ඇත.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් නමගිය ජාවාරම් කරන්නන් 19 දෙනෙකු පිළිබඳ තොරතුරු තමාට ලැබී ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියම වී ඇති ජාවාරම්කරුවන් හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වන බවට තොරතුරු ලැබී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය බේරා ගැනීම සඳහා මරණ දඬුවම අකමැත්තෙන් වුවද ක්‍රියාත්මක කරන්නට තමාට සිදුව ඇතැයි පවසා ඇත.