පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී වෙඩි තැබූ බවට සැක කරන දෙදෙනකුගේ ඡායාරූප විමර්ශන කණ්ඩායම් විසින් පොලිස් චිත්‍ර ශිල්පියකු ලවා සිතුවම් කරනු ලැබ තිබේ.
වෙඩි තැබීම සඳහා භාවිතා කළ යතුරුපැදිය මැයි නව වැනි දා දෙල්ගොඩින් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ හැඩහුරුව ඔස්සේ මෙම සිතුවම් ඇඳ ඇතැයි පොලිසිය කියයි.
මෙම චිත්‍රවල සඳහන් පුද්ගලයන්ට සමාන හැඩරුව හා සමාන ලක්ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇතොත් නුගේගොඩ පොලිස් අධිකාරීවරයාට හෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට දැනුම් දෙනෙ ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලයි.
සාර්ථක තොරතුරුක් සපයන අයකුට විශේෂ මුදල් ත්‍යාගයක් පිරිනැමීමටද කටයුතු සලසා ඇත. දුරකතන අංක 0718-591641 හෝ 0112-852555 ඔස්සේ නුගේගොඩ පොලිස් අධිකාරී කාර්යාලයට නැතහොත් දුරකතන අංක 0718-591727, 0112-662323 හෝ 0112-6 855151 ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයට මෙම පුද්ගලයන් සම්බන්ධ තොරතුරු දැනුම් දිය හැකිය.



