
(දසුන් රාජපක්ෂ)
මත්ද්‍රව්‍ය සහ දුම්වැටි භාවිතය නිසා දිනකට ශ්‍රී ලාංකිකයන් 80 ත් – 100 ත් අතර ප්‍රමාණයක් මියයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ හේතුව නිසා මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පිටු දැකීමේ වැඩපිළිවෙළක් මෙරටට අවශ්‍යව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (27) සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පිටුදැකීම සඳහා වෛද්‍යවරුන් 1000 කට දැනුමක් ලබා දීම සඳහා සිය සංගමය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව පුරා වඩාත් සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය , දුම්කොළ සහ මධ්‍යසාර වැළැක්වීම පිළිබඳ ජාතික අධිකාරිය , අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලය , අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනෙකුත් වගකිව යුතු සංවිධාන ඒකරාශී කරගැනීම බලාපොරොත්තු වන බව ඒ මහතා කීය.

