(සනත් ගමගේ)
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට මෙතෙක් දිනපතා උදේ පැමිණි ප්ලයි ඩුබායි මගී ගුවන් යානයත් අද (8) සිට නතර කිරීමට පියවර ගෙන ඇති බව මත්තල ගුවන්තොටුපළ ප්‍රකාශයෙක් කීය.
මත්තල ගුවන් තොටුපළට එයාර් ලංකා සමාගම ඇතුළු ගුවන් සමාගම් රැසක ගුවන් මගී ගුවන් යානා පැමිණි අතර ප්ලයි ඩුබායි ගුවන් සේවාවට අයත් මගී ගුවන් යානය දිනපතා උදේ මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළට ඊයේ (7) වන තෙක් පැමිණි බවත්, එක් දිනකට මාසයකට සාපේක්ෂව මත්තල ගුවන් තොටුපළින් ප්ලයි ඩුබායි ගුවන් යානයෙන් මගීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සිය ගුවන් ගමන් පහසුකම් ලබාගත් බව එම ප්‍රකාශකයා කීය.
විශේෂයෙන් ම යාල, අම්පාර, පොතුවිල්, අක්කරපත්තු, වැනි ප්‍රදේශවලට සංචාරකයින් යෑම සඳහා මෙම ගුවන් සේවයෙන් හුරු වී දිනපතා මෙම පිරිස වැඩි වෙමින් පවතින අවස්ථාවක මෙම ගුවන් යානයත් මත්තල ගුවන් තොටුපළට පැමිණීම නතර කිරීමෙන් මත්තල ගුවන් තොටුපළ පාළු ස්ථානයක් බවට පත් කිරීම මෙහි අරමුණ බව මත්තල ගුවන් තොටුපලේ සේවකයෝ පවසති.
දේශීය වශයෙන් මාතර ගාල්ල, වැලිගම ප්‍රදේශවල ව්‍යාපාරිකයින් හා ඩුබායිවල සේවය කරන අය පවා මෙම ගුවන් සේවය හුරු වී තිබුණූ බව පවසති.
ඔක්තෝබර් 18 දින දක්වා ගුවන් සේවයේ පැමිණි නතර කර ඇති බව දැනට චාචිකව දැනුම් ද ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.