(අංජුල මහික වීරරත්න )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉන්දියාව සමඟ හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යාමට ආරම්භ කිරීමත් සමඟ සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණය ද ජාත්‍යන්තර ක්‍රිඩා පිටියක් බවට ලෙස ප්‍රවර්ධනය කිරීමට ඉන්දීය රජය අදහස් කරගෙන සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විශාල මුදලක් වැය කර ඉදිකරනු ලැබු සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දිවා මෙන්ම රාත්‍රී ක්‍රිකට් තරග පැවැත්වීමට පහසුකම් තිබීම සුවිශේෂිත්වයකි.
කොතරම් මුදල් වැය කළද සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයේ අඛණ්ඩව ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීමට හැකි තත්වය උදාකර ගැනීමටත් මේ වන විට නොහැකිව පැවතිණි.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දිය හවුල සමාගමක් යටතේ පාලනය ඇරඹුනහොත් සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් තරග පැවැත්වීම අනවශ්‍ය පසුබිම් සකස් කෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දීමක් කර පවතියි.
සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගණයද ජාත්‍යන්තර තරග පැවැත්වීමට පියවර ගැනීමත් සමගම කතරගම, හම්බන්තොට හා වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් තරු මට්ටමේ හෝටල් රුසක් ඉදි කෙරෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.