මත්තල වී තොටේ හයකට ඇප


මත්තල  ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ ගබඩා තුළ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා කිරීමට  ගත් තීරණයට විරෝධය පල කළ ගුවන් තොටුපළේ සේවකයින් හතර දෙනෙකුට සහ  ප්‍රදේශවාසීන් දෙදෙනෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත් රුවන් ඉන්දික ද සිල්වා මහතා රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප මත (03) නිදහස් කිරීමට නියෝග කළේය.

වී ගබඩා කිරීමට ලොරි රථ පැමිණීමේ දී එයට විරෝධය පළකිරීම හා අයුතු ජනරාශිය , මත්තල ගුවන්තොටුපළට අනවසරයෙන්  පුද්ගලයින් ඇතුළත් කිරීම යන චෝදනා යටතේ මොවුහු අත්අඩංගුවට ගෙන  අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

විරෝධතාවට එක්වූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජිත උබේවර්ණ මහතාගේ සහෝදරයකුගේ අවමඟුලක් නිසා ඔහු හැර  සෙසු හය දෙනා    තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටියහ. නඩු විභාගය දෙසැම්බර් 02 දිනට කල් තැබීය.