ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්.504 දරණ මගී ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.
ලන්ඩන් නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා ගමන් කොට ඇති මෙම ගුවන් යානය කිසියම් කරුණක් නිසා මත්තල ගුවන් තොටුපළ වෙත පියාසර කළේය.
පසුගිය සති කිහිපය පුරාම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිළිබදව ආන්දෝලාත්මක් පුවත් මැවුණු අතර එහි ගබඩා සංකීර්ණ තුළ වී ගබඩා කැරිණී.
එම ගුවන් යානය පස්වරු 4.45 ට පමණ කටුනායක බලා පියාසර කළේය.
ඡායාරූප - රොෂාන් රණසිංහ





