මත්තල ගුවන් තොටේ වී ගබඩාවක්?


මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීම සඳහා පහසුකම් සොයා බැලීමට වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කලමනාකරු ඩබ්ලිව් එස් තිලකරත්න මහතාට වී අලෙවි මණ්ඩලයේ සභාපති එම් ඩී දිසානායක මහතාගේ අත්සනින් ලිපියක් එවා තිබේ.

දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සියල්ල පිරී පවතින හෙයින් යල් කන්නයේ වී මිල දී ගැනීම අගෝස්තු 20 වැනිදායින් ආරම්භ කෙරෙන හෙයින් පිරී ඇති ගබඩාවල වී තොග මත්තල ගුවන්තොටුපොළේ ගබඩා කිරීමෙන් ගබා හිස් කර වී මිල දී ගැනීමට ක්‍රියා කිරීම මෙහි අරමුණ වී ඇත.

2015 අගෝස්තු 15 දාතමින් යුත් මෙම ලිපිය මත්තල ගුවන් තොටුපොළ වෙතද යවා තිබේ.

මීට පෙර මෙම ප්‍රදේශයේ වැසියන් මිරිස් ආදිය ධාවන පතයේ දමා වේලූහ.

මේ සම්බන්ධව මත්තල ගුවන් තොටුපොළ සුරැකීමේ සංවිධානය මගින් මත්තල ගුවන්තොටුපොළ් වී ගබඩා කිරීම සම්බන්ධව සිය විරෝධය පල කර සිටිති.