මත්තල ගුවන් තොටුපොළට ගුවන් හමුදා කඳවුරක්


(අජන්ත කුමාර අගලකඩ)

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා අංග සම්පූර්ණ ගුවන් හමුදා කඳවුරක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සතු අක්කර 200 ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආරක්ෂාව සඳහා තාවකාලික ගුවන් හමුදා කඳවුරක් 2016 දී ආරම්භ කර ඇතත්, එය ප්‍රමාණවත් නොවන බැවින් මෙම නව කඳවුර ඉදිකෙරෙනු ඇත.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් හමුදා කඳවුරට සමාන අයුරින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් හමුදා කඳවුර ද ඉදිකිරීම රජයේ අපේක්ෂාව වේ.