මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණන්නේ නෑ


(නිමල කොඩිතුවක්කු)
 
මත්තල ගුවන්තොටුපළ කිසිසේත්ම ඉන්දියාවට විකිණීමක් සිදු නොවන බවත් එහි පාඩුව අවම කරගැනීම සඳහා ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් සිදුකරගෙන යාමට පමණක් රජය සැලසුම් කර ඇති බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.
 

මත්තල ගුවන්තොටුපලේ පසුගිය වසරේ මාසික වියදම රුපියල් ලක්ෂ 2900ක් වුවත් එහි ආදායම රුපියල් ලක්ෂ 65ක් පමණක් බවත්  මෙයට අමතරව  ණය වාරික ලෙස වසරකට  රුපියල් ලක්ෂ 17000ක් ගෙවීමට සිදුවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ලාභයක් ලැබෙන මත්තල ගුවන්තොටුපලෙන් සිදුවන පාඩුවෙන් සියයට 70ක් ඉන්දියාවට දැරීමට සිදුවන පරිදි නව ගිවිසුමට එලැබෙන බවත්  පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.
 
මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
 ‘‘ මත්තල ගුවන්තොටුපළ හදද්දී 2010 වසරේදී ඩොලර් මිලියන 190ක් චයිනා බැංකුවෙන්  ණය අරන් තියෙනවා. මෙයට අමතරව  ඒක හදපු සමාගමට ඩොලර් මිලියන 39.5ක් අමතරව  වියදම් වෙලා තියෙනවා.  ඩොලර් මිලියන 230ක විතර වියදමක්  ඒ අනුව එම සමාගම දරලා තියෙනවා.  අපේ රජය ඩොලර් මිලියන 20ක් පමණ යොදලා තියෙනවා.  ඒ අනුව මත්තල ගුවන්තොටුපලේ සමස්ත  වියදම ඩොලර් මිලියන 252ක් පමණ වනවා.
 
මේක හදන්න ගත්ත  ණය වාරික 2015 ඉඳන් 2030 වෙනකම්  අවුරුදු 15ක් ගෙවන්න  ඕනෑ. මෙහි ඉදිකිරිම් කටයුතු සඳහා වසරකට කෝටි 170ක ණය  ගෙවන්න  ඕනෑ. 2015 ඉදන්  2018 වසර දක්වා අපි  කෝටි 170 ඒවා  තුනක් ගෙවලා තියෙනවා.
 
එහෙම හදපු මත්තල ගුවන්තොටුපලේ පසුගිය වසරේ මාසික ආදායම රුපියල් ලක්ෂ 65යි.  මාසික වියදම රුපියල් ලක්ෂ 2900යි. ණය වාරික විදියට  ලක්ෂ 17000ක් ගෙවන්න ඕනෑ.  මේක අවුරුදු 15ක කාලයක් කරගෙන යන්න පුළුවන්ද?
 
මේක ඒකාබද්ධ ව්‍යාපාරයක් විදියට ලාභ ලබන තත්වයට  ගේන්න අපි ටෙන්ඩර් කැඳෙවුවා. ඒ සඳහා යෝජනා 6 ක් ආවා. ඒ අතරින් ඉන්දියාවෙන් හොඳ යෝජනාවක් ආවා.  ඒ අනුව ඉන්දියාවට  කොටස් 70කුත්  අපිට කොටස් 30කුත්  එන විදියට සාකච්ඡා කළා.
 
ඉන්දියාව්  සිවිල් ගුවන් සේවා අධිකාරිය ගිය සතියේ ඇවිත් මේ ගැන සාකච්ඡා කළා. මේ ගිවිසුම තවම  අත්සන් කරලා නැහැ. මේ  ව්‍යාපාරය කොහොමද කරගෙන යන්නේ කියලා අපි ගිවිසුමට ඇතුළත් කරනවා. කැබිනට් මණ්ඩලයටත් දාලා, 

ඡායාරූප - ළහිරු හර්ෂණ