(හැටන් රංජිත් රාජපක්ෂ)
කිතුල්ගල ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි තරුණයින් පස් දෙනෙකු කිතුල්ගල ප්‍රදේශයේදි ඊයේ (25) පස්වරුවේ මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
කිතුල්ගල ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් හා ප්‍රදේශයේ තරුණයින් ඉලක්ක කර ගනිමින් මෙම සැකකරුවන් පස්දෙනා ත්‍රිරෝද රථයකින් ප්‍රදේශය පුරා හෙරොයින් අලෙවි කිරිමේ ජාවාරමක කාලයක් තිස්සේ සිදු කර ඇති බව මෙම වැටලීම සිදු කල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීහු කියා සිටියහ.
හෙරොයින් මිලිග්‍රෑම් 1580 ක් කුඩා පැකට් 28 ක අසුරා ප්‍රදේශය පුරා බෙදා හරිමින් සිටියදි උපාය දුතයෙක් යොදා ගනිමින් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්ට මෙම සැකකරුවන් සහ හෙරොයින් බෙදා හැරිමට උපයෝගි කර ගත් ත්‍රිරෝද රථයද අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇත.
අවුරුදු 23 -28 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන මෙම සැකකරුවන් කිතුල්ගල සහ ලක්ෂපාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සඳහා කිතුල්ගල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවත් මෙම වැටලීම සිදු කල මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු කියා සිටියහ.