මත්කුඩු පැකට් 70ක් සමඟ පිය පුතු දෙපල පොලිස් දැලේ


බිමල් ශ්‍යාමන් 
 
ත්‍රීරෝද රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි පිය පුතු දෙපලක් රුපියල් හැට දහසකට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු පැකට් 70ක් සමඟ අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේදී අද (15) අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශය කියයි.

 
සැකකාර පිය පුතු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 400 මිලි ග්‍රෑම් 816 තිබී සොයා ගත් බව පොලිසිය කීය.
 
රාජගිරිය ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙදුන පිය පුතු දෙපලක් අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ නිවසක් මිලට ගෙන හොර රහසේ මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් අනුව අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.