මත් සාදයක් පැවැත්වූ ෆේස්බුක් මිතුරන් 89 ක් අත්අඩංගුවට


(ක. ග. කරුණාරත්න)

 
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මුහුණු පොතේ  මිතුරන්ගේ සාදයක් පවත්වමින් සිටි කාන්තාවන් 06 ක් ඇතුළුව පුද්ගලයන් 89 දෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
 
මොවුහු අවුරුදු - 19,20,25,30,35,45 ආදී විවිධ වයස් කාණ්ඩවල පසුවූවෝ වෙති.
 
පොලිස් අත්අඩංගුවට පත් පිරිස් අතර කොළඹ, දෙහිවල,  හෝමාගම, කුරුණෑගල,  අනුරාධපුර, තඹුත්තේගම, ත්‍රිකුණාමලය, පොළොන්නරුවල බැඳිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින බව හෙලිවී ඇත.
 
මොවුන් විසින් මෙම සාදයේ දී භාවිතා කළ  බව කියන හෙරොයින්,  ගංජා, කේරළ ගංජා, අසීස් ආදී මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.


හිඟුරක්ගොඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.