මත් වැටට එක්සත් ජාතින්ගේ සහය


ලංකාවේ මත්ද්‍රව්‍ය  භාවිතා  කරන්නන්  පුනරුත්ථාපනයට  මුල්‍යමය පහසුකම්   ලබාදීමට එක්සත්  ජාතින්ගේ  ගෝලිය අරමුදල ඉදිරිපත්  වී සිටින බව ඖෂධ හා  අන්තරායකර පාලක මණ්ඩලයේ  සභාපති  නිලංග සමරසිංහ මහතා පැවසුවේය.

තුන්වැනි  ලෝකයේ  රටවල්  දිනෙන්  දින මත්ද්‍රව්‍ය  භාවිතයට  ඈදි යාම සිඝ්‍රයෙන්  සිදු  වුවත්  මෙයින්  සිදුවන බරපතල හානි අවම කිරිමට  ජාත්‍යන්තර  සංවිධාන ඉදිරිපත්  විම සතුටට  කරුණක්  බව ඔහු කිවේය.

මත්ද්‍රව්‍ය  එන්නත් මඟින්  ශරිරයට  විඳගන්නා  අයට  එච්.අයි.වී සහ හෙපටයිටස්  වැනි  රෝග ද පහසුවෙන් වැළදෙන හෙයින්  මෙය බල පැවැත්වීමටත් පුනරුත්ථාපනය කිරිම සඳහා  මුල්‍ය පහසුකම් ලබා දීමට  මුලික එකගත්වය ලබා  ගත් බව සමරසිංහ මහතා  පැවසීය.