
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
උපකාරක පංති සිසුන්ට අලෙවි කිරීම සඳහා ගෙන යමින් තිබූ මත් මුද්දර 150 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තරුණයින් දෙදෙනෙකු අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයන් දෙදෙනකු බවපොලිසිය කියයි .
පොලිසියට ලද තොරතුරක් අනුව,වැල්ලවත්ත හැම්ලන්ඩ් පටුමගේ දී සහ ස්ටැෆර්ඩ් හන්දියේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එක් සැකකරුවකු සන්තකයේ තිබී මත් මුද්දර 150 , හෙරොයින් මිලිග්‍රෑම් 520 , කුස් ග්‍රෑම් හතරක් ද අනෙක් සැකකරු සන්තකයේ තිබී හෂිශ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55 ක් පොලිස් බාරයට ගත්බව බව පොලිසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හතරකට ආසන්න බව ද පොලිසිය කියයි.
සැකකරුවන් මාලිගාකන්ද සහ ගල්කිස්ස අධිකරණවලට ඉදිරිපත් කොට දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.
කිරුලපන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

