මත් පෙති සිද්ධියකට ආරච්චි වරයකු රිමාන්ඩ්


නිමන්ති රණසිංහ
         
රුපියල් දෙකෝටි විසි හය ලක්ෂයක්  පමණ වටිනා  මත් පෙති 7564 ක් සන්තකයේ තබාගැනීම සහ ඊට ආධාර අනුබල දුන් බව කියන කොළඹ දිසා අධිකරණයේ ආරච්චි වරයකු සහ ඔහුගේ ඥාති සොහොයුරා ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධානාගර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් දමින්ද වැලිගොඩපිටිය මහතා අද (26) නියෝග කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වේල්ලවීදිය කොළඹ 12 පදිංචි මාලපැලැන්දගේ චාමර පීරිස් සහ ඔහුගේ ඥාති සහෝදරයා වූ කොළඹ දිසා අධිකරණයේ කණීෂ්ඨ සේවකයකු ලෙස සේවය කළ මාලපැලැන්දගේ දිල්ෂාන් අකලංක පීරිස් නැමැත්තන්ය.