පාසල් ළමුන්ට බෙදාහැරීමට ගෙන බවට සැක කරන ස්ප්‍රයිටිස් ස්ප්‍රේ සහ කෝලා ස්ප්‍රේ නැමැති පැණි බීම බෝතල් මැණික්හින්න ප්‍රදේශයේ වෙළඳසළකින්ද සොයා ගැනීමට මහනුවර පාරිභෝගික අධිකාරිය හා පොලිසිය අද (18) දහවල් කළ වැටලීමකදී සමත්විය.
වෙළඳ සලෙහි අලෙවියට තබා තිබූ මෙම පැණි බීම සහිත බෝතල් 34 ක් සොයා ගත් බවත් එහි සේවකයකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
මීට පෙරද මත්වන ස්වභාවයක් ඇතැයි කියන මෙම බීම වර්ගය පිළිමතලාවේ පාසලක් අසල වෙළඳසලකින්ද හමුවිය.




