ගෝලීය ව්‍යසනයක් වන මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම උදෙසා රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉටුකරන මෙහෙවර අගයමින් මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.
ලෝකයේ රටවල් 40ක් සහ රාජ්‍ය නොවන සංවිධාන 87 ක සහභාගිත්වයෙන් පසුගිය නොවැම්බර් 8 වැනි දා චීනයේ මැකාවෝහි පැවැති මත්ද්‍රව්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධානයන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ශ්‍රී ලංකා ජනාධිපති වෙනුවෙන් පිරිනැමුණු මෙම සම්මානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (2) සිදු කෙරිණි.
මත්ද්‍රව්‍යවලට එරෙහි සංවිධානවල ඒකාබද්ධ සම්මේලනයේ සභාපති වෛද්‍ය සරත් එම් සමරගේ මහතා විසින් සම්මානය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.


