
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අගුණුකොළ පැලැස්ස බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ දුරකථන සබඳතා පවත්වමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට උපකාර කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කළ පොලිස් කොස්තාපල්වරයෙකු රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අඟුරුවාතොට පොලිසියට අනුයුක්තව දැනට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයෙකි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන සේවස්ථ පුහුණු ආයතනයේ පාඨමාලාවක් හදාරමින් සිටියදීය.
එම සැකකාර කොස්තාපල්වරයා සමඟ හොරයින් මත්ද්‍රවය ජාවාරම සිදුකිරීම සඳහා යොදා ගනු ලබන දුරකථන අංක දෙකක් අඩංගු සිම්පත් සහිත කුඩා ජංගම දුරකථනයක් , එක් දුරකථන අංකයක සිම්පතක් සහිත ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක් , හොරයින් මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු සඳහා භාවිතා කර ඇති බව කියන කුඩා වෑන් රථයක් , හොරෙයින් මත්ද්‍රව‍්‍ය ජාවාරම් කටයුතු මගින් උපයා ගන්නා ලද රුපියල් 71779 ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

