වෛද්‍ය නිලංග සමරසිංහ පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය නිවාරණය හා යහපාලනය ඇති කිරීම සඳහා ඉටුකළ සේවය ඇගයීම සඳහා සමස්ථ ලංකා ධර්මපාල පදනම විසින් විද්‍යාකීර්ති දේශාභිමානි ලංකා පුත්‍ර යන ගෞරව නාමයෙන් උපහාර දැක්විණි.
ධර්මපාල පදනමේ උත්තරීතර අනුශාසක ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඌව උඩුකිඳ පාර්ශවයේ මහානායක බොකන්ඔරුවේ ජිනානන්ද මහානායක හිමියෝ ඒ පිළිබඳ අක්ත පත්‍රය ධර්මපාල පදනමේ ඌව පළාත් මුලස්ථානය වන කැප්පැටිපොළ විඳුරපොළ ශ්‍රී පියතිස්ස පිරිවෙන් විද්‍යායතනයේදී ත්‍රෛයිනිකායික මහ සංඝරත්නය ඉදිරියේදී පිරිනැමුහ.


