මත් ද්‍රව්‍යවලින් තොරව දේශපාලනය කරන හැටිද මත් ද්‍රව්‍ය නිවාරණ කටයුතු ගැනද වැඩමුළුවක් නව පාර්ලිමේන්තු මන්ත්‍රීන් වෙනුවෙන් පැවැත්වීමට ඖෂධ හා අන්තරායකර පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වැඩපිළිවෙළක් අරඹයි.
මේ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්ගෙන් අනුමැතිය ලබාගැනීමට අදහස් කරන අතර පූර්ව සාකච්ඡාව සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට අදහස් කර ඇති බව සමරසිංහ මහතා සඳහන් කරයි.

