මඩු රක්ෂිතයේ බුරුත කැපුවාට ලක්ෂයක දඩ


මඩු රක්ෂිතයේ සිට යාපනය බලා ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් එක්ලක්ෂ විසිහත්දහසක් පමණ වටිනා බුරුත දැව කඳන් 16 ක් දහයියා ගෝනි වලින් වසා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු මඩුපාර අඩවි වන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව මඩුපාර අඩවි වන නිලධාරීහු කියති.

සැකකරු  හා ඔහුගේ ලොරි රථය සමග බුරුත දැව කදන් තොගය අඩවි වන නිලධාරීහු තම බාරයට ගෙන (20) දින මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර බුරුත දැව තොගය රාජ සන්තක කිරිමට මන්නාරම මහේස්ත්‍රාත් ඇලෙක්ස්  රාජා මහතා නියෝග කළේය.

Burutha_20151022yapa-1 Burutha_20151022yapa-2