මඩු රක්ෂිතයේ බුරුත දැව කැපු සැකකරුවන් දෙදෙනෙක් අද (31) ලක්ෂ හතරක් පමණ වටිනා බුරුත කඳන් 40 ක් සමග අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන නිලධාරි කාර්යාලය පවසයි.
මෙම බුරුත දැව ජාවාරම දිගු කලක පටන් සුක්ෂම උපක්‍රම භාවිතා කරමින් කරගෙන යන බවට ලද තොරතුරක් අනුව මඩුපාර අඩවි වන නිලධාරීහු දිගු කලක සිට රැකවල් යොදා සිට විශාල කන්ටේනරයක් තුළ බුරුත කොටන් අසුරා එය මතු පිට දහයියා පිරවු පොහොර උර 50 කින් පමණ වසා යාපනය බලා ප්‍රවාහනය කරමින් සිටියදි මඩුපාර රක්ෂිතයේ මුල්ලි කුලම් ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන ඇත.
ජවාරම සිදුකරන ව්‍යාපාරිකයා සහ ඔහුගේ සහායකයාද අත් අඩංගුවට ගත් බවත් ලොරි රථය වන සංරක්ෂන භාරයට ගත් බවත් කියති.



