
(ඉන්දිකා රාමනායක)
දර කැපීම සදහා මන්නාරම මඩු රක්ෂිතය තුළ ට ගොස් සිටියදි අතුරුදන්ව සිටි කොස්තාපල්වරයා මීට සුළු මොහොතකට පෙර සොයාගෙන ඇත.
අතරමංව සිටි කොස්තාපල්වරයා මඩු පණ්ඩිරිච්චාන් ගම්මානය අසල බෝක්කුවක් මත වාඩි වී සිටියදි පොලිස් කණ්ඩායමක් විසින් කොස්තාපල්වරයා සොයාගෙන ඇත.
පොලිස් කණ්ඩායමක් සමග මඩු රක්ෂිතයේ දර කැපීම සදහා ගොස් සිටියදී ඊයේ (19) දහවල් සිට මෙම කොස්තාපල්වරයා අතුරුදන්ව සිටියේය.

