කාංචන කුමාර ආරියදාස
කුසගින්නේ වමනය කිරීමෙන් පසු ගැබිණියක බව පවසා පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට මුහුණදුන් පාසල් සිසුවියට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය ලබා දීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
ගල්කිස්ස අධිකරණයේ සේවය කරන නීතිඥ මහත්වරුන් කණ්ඩායමක් මෙම දැරියගේ නිවසට පැමිණ අකිල විරාජ් කාරියවසම් මහතා දුරකථනයෙන් සම්බන්ධ කොට කතාකර ඇමතිවරයා හා දෙමව්පියන් සම්බන්ධ කිරීමෙන් පසු මෙම අවස්ථාව ලබා දී තිබේ.
ගල්කිස්ස අධිකරණයේ සේවය කරන "සම අයිතිය පිළිබඳව නීතිඥයෝ "සංවිධානයේ සභාපති අරවින්ද වන්නිආරච්චි, නීතිඥ වරුණ ජයසිංහ නීති ශිෂ්‍ය බන්දුල බඹරැන්ද යන මහත්වරු මෙම නිවසට පැමිණියහ.
ඔවුහු සිද්ධියට මුහුණ දුන් දැරියට අධ්‍යාපන උපකරණ, ඇඳුම් පැළඳුම් මෙන්ම අධ්‍යාපන කටයටුතු සඳහා වැය කිරීමට මුදලක් ද පරිත්‍යාග කළහ.

