බටකැත්තර එස් ඇන්ඩ් ඩී කම්හලේ විෂ රසයාන බැරල් 70ක් පොලිස් සෝදිසිය යටතේ එකතුකර ජාතික පරමාණු බලශක්ති අධිකාරියේ සුපරීක්ෂණය යටතේ විනාශ කිරීමට නියමිතය.
එම ද්‍රව්‍ය කම්හලේ සේවකයන් ලවා එකතු කරද්දී 200ක් පමණ ගැමියෝ එහි පැමිණ ඒ ගැන විමසුම් කළහ.
ඒ අවස්ථාවේ ඇති වූ කලබලය සංසිඳුවීමට පොලිසිය සමත් විය.
පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී සමාගමේ අමෝනියම් විෂ රසායන විනාශ කිරීමට අවසර ලැබෙන තුරු ඔවුන්ගේ කළුතර කම්හලට රැගෙන ගියේය.
(ඡායාරූප සිරි මහබෙල්ලන)