මඩපාත කම්හල උසාවියෙන් වහයි


පිළියන්දල මඩපාත එස් ඇන්ඩ් ඩී ඇසෝසියේටඩ් සමාගමේ විෂ ගෑස් පරමාණුක අධිකාරියේ සුපරීක්ෂණය යටතේ විනාශ කරන ලෙසද විෂ වායු වලින් හට ගත් ගඳ පැය 24 ක් ඇතළත සමනය කරන ලෙසද නියෝග කළ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා එහි නිෂ්පාදන කටයුතු තාවකාලිව අත් හිටුවීය.

මහජන පීඩාවක් වන හෙයින් එහි නිෂ්පාදනය නවත්තන්නැයි පොලීසිය අධිකරණයට කරුණු කියා සිටියේය. කම්හලේ අයිතිකරු වන දයාන්ද සිල්වාට ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරිණි.

මෙම කම්හලේ සබන් කුඩු වැනි පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය නිශ්පාදනය කළේය