(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)
කොත්මලේ ජලාශයට ජලය සැපයෙන උතුර මඩකුඹුර ඔයේ මිතුරන් තිදෙනෙකු සමග දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුර අද (02) සොයාගත් බව දිඹුල පතන පොලීසිය පවසයි. නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක අංශය, දිඹුල-පතන පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සිරුර සොයාගැනීමට කටයුතු කර ඇත.




