මඩකළපු නියෝජ්‍ය පොලිස්පති වැඩ බාරගනී


(ගයාන් සූරිය ආරච්චි)

මඩකලපුව දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ජගත් විශාන්ත මහතා වැඩ භාරගත්තේය.

යාපනය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වශයෙන් රාජකාරිය කළ විශාන්ත මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පත්කර තිබේ.

1996 වසරේ උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වන විශාන්ත මහතා වසර 28ක අත්දැකීම් බහුල කාර්ය ශූර නිලධාරියෙක් ලෙස හැඳින්විය හැක.

ජගත් විශාන්ත මහතා ගාල්ල බටේමුල්ල විද්‍යාලයේ සහ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

මොස්කව්හි අන්තර්ජාතික මූලික අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියකු ද වේ.