මඩ පින්තූරෙට තවත් විරෝධය


ලන්ඩන් නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිති සාමාජිකයින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරුපයක් "දෙමළ ඩයස්පෝරාව හමුවූ අවස්තාවක්" ලෙසට ප්‍රචාරය කිරීම පිළිබඳව ලන්ඩනයේ එජාප හිතවත්හු අප්‍රසාදය පළ කරති.

වික්‍රමසිංහ මහතා එජාප ශාඛා සාමාජකයින් හමුවුයේ ක්‍රිකල්වුඩ්හි ලිහිණියා නම්වූ  ජනප්‍රිය ශ්‍රී ලාංකිකඅවන්හලකදීය. එහි අයිතිකරුවන් වන්නේ සංග්‍රහ ශීලත්වය සහ හිතමිතුරුකම පිළිබඳව ලන්ඩන් නුවර බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ ඉමහත් ගෞරවයට පත්ව ඉන්නා උපාලී සහ මීපාලී ජෝතිරත්න යුවළයි.

ශ්‍රී ලංකාවේ ප්‍රචාරය කළ ප්‍රවෘත්තිය සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් එම  ප්‍රවෘත්තිය සමඟ ප්‍රදර්ශනය  කළ සියලුම ඡායාරූපවල සිටිනුයේ ලන්ඩන් නුවර එජාප ශාඛා සමිති වලට සම්බන්ධ අය බවත් "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු බවත් " මේ පිළිබඳ අදහස් දැක්වූ එජාප හිතවතෙක් පැවසුවේය. 

මේ ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩනයේදී එල් ටී ටී ඊ සාමාජිකයින් මුණගැසුණු බවට කියවුණු වැරැදි ප්‍රවෘත්තියක් සති අන්ත පුවත් පත් දෙකක ද පළකිරීම සම්බන්ධයෙන් එජාපයේ ලන්ඩන් ශාඛා සභාපති අධිනීතිඥ හර්ෂක කන්නන්ගර එම පුවත්පත් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා පියවර ගත් බවත් පවසා තිබිණි.

unnamed