රංජන් කස්තුරි
කොළඹ,මට්ටක්කුලියෙහි පිහිටි උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනය ඉකුත් සිකුරාදා (8) සිට දින නියමයක් නැතිව වසා දමා තිබේ.
නවක සිසුන්ට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවු ගැටළුකාරී තත්වයක් මත ආයතනය වසා දැමීමට සිදුවු බව අසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂක පි.ජී.ලාල්ශාන්ත මහතා පැවසිය.
ප්‍රථම වසර සිසුන්ට නවකවදය තදින් ලබාදෙන බවද එවැනි සිද්ධියකින් සිසුන් බේරාගැනිමට ගිය අවස්ථාවකදී සිසුන් විනය විරෝධී ලෙස හැසිරුණු බවද ඔහු සඳහන් කළේය.