මට්ටක්කුලිය හිටපු පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

කූඨ ලේඛන සකස් කළැයි කියන සිද්ධියකට අදාළව මට්ටක්කුලිය පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (09) නියෝග කළාය.

ඉකුත් මහ මැතිවරණයේදී මැතිවරණ රාජකාරි සදහා තාවකාලිකව බදවාගත් කම්කරුවන් තිදෙනකු සදහා ගෙවිය යුතු රුපියල් එක්ලක්ෂ පන්දහසක මුදලක් ව්‍යාජ ලේඛන සකස් කර ඉදිරිපත් කළැයි කියන සිද්ධියකට අදාළව කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය විසින් අදාළ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.


මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ මේ වන විට හැටන් පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරනු ලබන පොලිස් පරීක්ෂක සමන් විමලසිරි ලියනගේ මහතාය.