(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය සම්ට්පුර ප්‍රදේශයේ අද (8) අලුයම සිට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලි සාමාජිකයන් සහ මත්කුඩු ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.
300 ට අධික භට පිරිසක් මෙම මෙහෙයුමට සහභාගි වී ඇති අතර පාතාල සාමාජිකයකු ගේ නිවසේ තිබි හමුදාවට සමාන නිළ ඇදුම්ද අත්අඩංගුවට ගෙන ඇත.