1987 සිට යුද්ධයෙන් අහිමි වු දේපළ වෙනුවෙන් වන්දි ඉල්ලා අසුඑක් හැවිරිදි ව්‍යාපාරිකයකු සටන් වදී .
මඩකළපුව එරාවුර්හි ව්‍යාපාරිකයකු වු ඇස්මිස් වල්ගම මහතා සිය දුක් ගැනවිලි දේශපාලනඥයින්ට හා රජයේ නිලධාරීන්ට කොතෙකුත් කියා සිටියත් මෙතෙක් සහයක් ලැබී නැත.
කොටි කළබල සමයේ සුභ සාධන කඳවුරුවල රැකවරණය ලැබු ඔහු දැන් හබරණ පදිංචිව සිටී.
එරාවුර් හි පදිංචිව සිටි දකුණේ පවුල් 52 ට පමණක් කොන් කරන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කරයි.
ගාල්ලේ සිට එරාවුර් ගිය ඔහු කියනුයේ තමාට කඩ කාමර 72 ක් තිබු බවයි.
මහළු වයසේ සිටින තමාට හිත සතුටින් මැරෙන්නට හැකි සේ මෙම ප්‍රශ්නයට විසඳුමක් දෙන්නැයි ඔහු පවසයි.