මඟමරුවා අවුරුද්දටත් වැඩ


ජනවාරි පළමු වැනිදා උදේ හයේ සිට ජනවාරි දෙවැනි දා උදේ හය දක්වා කොළඹ, ගම්පහ හා මාතලේ රිය අනතුරුවලින් පස් දෙනකු මිය ගිය බවත් තවත් අනතුරු 266කින් සියගණනක් බරපතල හා සුළු තුවාල ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. බීමත්ව රිය පැදිවීමෙන් අනතුරු 119ක් ද අධික වේගයෙන් පැදවීමෙන් අනතුරු 94ක් ද වාර්තාවිය.