මිනිස්සුන්ගේ හොඳ අහන්න බලාගෙන වැඩ කරන කෙනෙක් නෙවෙයි මම. දකුණු අතින් ගත්ත දේ වම් අතින් දැන ගන්න ඉඩ තියන්නෙත් නැහැ. මගේ හෘද සාක්‍ෂියට එකඟව වැඩ කරන කෙනෙක්. මම කරන සේවය සමාජයේ දැනෙන අය දැනගත්තාවෙ. ඒක මට හොඳටම ඇති. දේශපාලනයේදී ඇත්තටම මගේ අරමුණ ජනතාවට සේවයක් කිරීමයි.
මේ විදියට අදහස් ප‍්‍රකාශ කරන නදීෂා හේමමාලී වේදිකාවට ගොඩවෙන්නයි මේ සූදානම. මෙදා සැරේ ඇය වේදිකාවට එන්නෙ ඇයි දන්නවද? ඇයගෙන්ම ඒ ගැන අහමු.
නදීෂා මේ දිනවල වැඩිය පෙනෙන්න දකින්න නැහැ. මොනවද මේ දිනවල කරන්නෙ?
මම නිතරම පෙනෙන්න සිටින කෙනෙක්. නමුත් කලා ක්‍ෂේත‍්‍රයේදී මම අනුගමනය කරන විදියක් තියෙනවා. තෝරා බේරාගෙන චරිත රඟපාන්නෙ. ඒ නිසා රංගන ක්ෂේත‍්‍රයේදී නිතර මගේ මුහුණ දක්නට ලැබෙන එකක් නැහැ. අවුරුද්දකට නිර්මාණ දෙකකට හෝ තුනකට තමයි වැඩිම වුණොත් සම්බන්ධ වන්නෙ. ඒක තමයි ඒකට හේතුව.

මේ දිනවල ඔබ ගැන මොන වගේ හේතු මුල්කරගෙනද කතා කරන්න තියෙන්නෙ.?
මං ගැන කතා කරන්න ගොඩක් දේ තියෙනවා. ජීවිතය කියන්නෙ පුදුමාකාර දෙයක්. හැමදාම අලූත් දේවල් ජීවිතයේ සිද්ධ වෙනවා.
මොනවද වෙච්ච අලූත් දේ?
මේ දිනවල මම සම්පත් ශ්‍රී රෝෂණගේ අලූත්ම චිත‍්‍රපටයෙ රංගනයට සූදානම් වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයක රංගනයට සූදානම් වෙනවා. ඒ වගේම සමාජ සේවා කටයුතුවලත් යෙදෙනවා. මේ දේවල් එක්ක මම කාර්ය බහුලයි.
ඇයි වේදිකාවට එන්න හිතුණේ?
ඇත්තටම වේදිකාවේ ප‍්‍රධාන චරිතයක් සමඟ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වන පළමු අවස්ථාව මෙයයි. මෙච්චර කාලයක් මම ටෙලි නාට්‍ය හා චිත‍්‍රපටවලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මගේ කලා ජීවිතය පටන් ගත්තෙ පාසල් වේදිකාවෙන්. ප‍්‍රසිද්ධ වේදිකාවේ නාට්‍යයක චරිතයකට එක්වීම ඇත්තටම සතුටට කරුණක්.
කාර්ය බහුල බොහෝ රංගන ශිල්පිනියන් වේදිකාවට එනවා අඩුයි. ඒත් ඔබ?
මම දායක වන්නේ නිර්මාණවලට. ඒ හැර කරන්නන් වාලේ, රඟපාන්නන් වාලේ රඟපාන්නේ නැහැ. නිර්මාණයකට දායක වීමේ අනිවාර්යය කැපවීම මට තියෙනවා. ෆොටෝ ෂූට් එකකට පෙනී සිටියත් මම සංකල්පයක් ලෙස, යම්කිසි අදහසක් ඇති ව ඊට පෙනී සිටීම කරනවා. මොකද මම වෘත්තීය රංගන ශිල්පිනියක්. ඒ දේ හරියට කරන්න ඕනෑ. මගේ පේ‍්‍රක්‍ෂයින්, රසිකයින් බලා සිටින්නේ අපි මොනවද කරන්නෙ කියලයි.
ෆොටෝ ෂූට් එකකදී, නැතිනම් ඡුායාරූප ගැනීමේ අවස්ථාවක් වෙනුවෙන් බොහෝ නිළියන්ට - ගායිකාවන්ට තියෙන්නෙ අද බැහැ හෙට ලෙඬේ. එක්කෝ නිර්මාණාත්මක යමක් කිරීමේ උනන්දුව නැහැ. ඒත් ඇයි ඔබ ඡුායාරූපකරණයට පෙනී සිටීමේදී වඩා උනන්දු වෙන්නෙ?
නිර්මාණශීලි පිරිසක් එකතු වුණාම නිර්මාණශීලි දෙයක් කරන්න පුළුවනි. එවිට නරඹන්නන්ට එය රස වින්දනය කරන්න පුළුවනි. මෙන්න මේ වගේ දේ නිසා තමයි මම නිතරම පෙනී සිටින්නෙ නැත්තෙත්. හැමෝම නිර්මාණශීලි නැහැනෙ. නිර්මාණශීලි අය එක්ක එකතු වෙලා අලූත් දෙයක් කළාම මගේ පේ‍්‍රක්‍ෂකයින් එයින් සතුටක් ලබන්නෙ.
මොකක්ද මේ වේදිකා නාට්‍යය? මොන වගේ තේමාවක් රැගත් නාට්‍යයක්ද?
හාස්‍ය තේමාවක් රැගත් වේදිකා නාට්‍යයක්. මූලිකව හාස්‍ය තේමා කර ගෙන සමාජයට පණිවුඩයක් ගෙන දෙන නිර්මාණයක්.
දේශපාලන වේදිකාවේ ඔබගේ භූමිකාව අද මොන වගේද?
සමාජයේ ඕනෑම පුරවැසියෙක් සෘජුව හෝ වක‍්‍රව දේශපාලනයට සම්බන්ධයි. මමත් ක‍්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින කෙනෙක්. දැනටත් මම එජාපයේ ගාලූ දිස්ත‍්‍රික් සංවිධායිකාව. ජාතික යොවුන් පෙරමුණේ තරුණ හා කලා කටයුතු පිළිබඳ සම්බන්ධීකාරක. ඉතින් ඒ හරහා මගෙන් ඉටු විය යුතු සේවාවන් තියෙනවා. මගෙන් ජනතාවට සේවාව නිහඬව කරනවා.
වතාවක් ඔබ ඡුන්දයෙන් පැරදුණා. ඒ වෙලාවේ ඇති වූ හැඟීම මොන වගේද? අද ඒ අවස්ථාව දකින්නෙ කොහොමද?
මම හරි සන්තෝෂ වුණා. ජීවිතයේ වෙච්ච හැම දෙයක්ම අත්දැකීම් කර ගත්තා. ඉදිරියටත් එහෙමයි. ජය පරාජය ජීවිතයේ කාටත් පොදු දෙයක්. ඉතින් ඒ සියල්ල වෙතින් ජීවිතයේ ඉදිරියට ඒවා පන්නරයක් වෙනවා. එදාට වඩා අද පරිනත වෙලා.
කලාව වෙතින් හෝ රූපවාහිනී වැඩසටහන්වලට දායකවීමෙන් ඔබ කරන කියන ප‍්‍රකාශ කොයි තරම් දුරට ඔබගේ දේශපාලනයට වැදගත්ද? මිනිස්සු හිතන දේ ගැන ඔබ විශ්වාස කරනවාද? ඒවා වැදගත්ද?
මට වැදගත් වෙන්නෙ මිනිස්සු හිතන දේ නෙවෙයි. මොකද මගේ හෘද සාක්‍ෂියට එකඟව ජීවත් වන කෙනෙක් මම. අදහන ධර්මයත්, සංකල්පයත් තියෙනවා. ඒවාට අනුකූලව තමයි වැඩ කරන්නෙ. කියන දේ කරන කෙනෙක්, කරන දේ කියන කෙනෙක් නදීෂා හේමමාලී එහෙමයි. මං කරන හැම ක‍්‍රියාවකටම අර්ථයක් තියෙනවා. බොරු ෂෝ නැහැ.
විලාසිතා - (තමාර සමරක්කොඩි)
The attire Boutique
හැඩගැන්වීම් - Nuwan
පසුතලය - Hayles Cafe pixel




