මගේ දර්ශනය රජයේත් දර්ශනය නම් ක්‍රියාත්මක නොවන්නේ ඇයි - ගෝඨාභය අසයි


කේ බුද්ධික කුමාරසිරි
 
වියත්මග දේශනයේදී තමන් දැක් වූ කරුනු හා රජයේ දර්ශනය සමාන බව කවුරුන් පැවසුවත් මේ වන විට එම දර්ශනය රටේ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් වී ඇතැයි  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  අද  සවස හංවැල්ල ජල්තර දී පැවසීය 
 
වැදගත් වන්නේ ප්‍රතිපත්තිය නොව එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව වන බැවින් වියත්මග දේශනයේදී තමන් දැක් වූ අදහස් හා වෙනත් පාර්ශ්වයක අදහස් සමාන බව කවුරුන් කීවත් එය ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව හා නොහැකියාව පිළිබඳව අදාල පාර්ශ්ව හා තමන් අතර ඇති වෙනස බවද ඒම හතා මෙහිදී පැවසීය.
 
හංවැල්ල ජල්තර ශ්‍රී ධම්මික දහම් පාසලේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.