මගුල් ගෙදරට මස් සොයා ගැබ්බර මුවදෙනක මරයි


(රෝවන් පෙරේරා,ජයරත්න වික්‍රමරාච්ච්)
 
මංගල උත්සවයක් සඳහා අවශ්‍ය මස් සපයා ගැනීමට තබ්බෝව අභය භූමියේ දඩයමේ ගොස් ගැබ්බර මුව දෙනක් වෙඩි තබා ඝාතනය කර නවීන පන්නයේ යතුරු පැදියකින් තබ්බෝව වැව් පිටියෙන් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙක් අද (12) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජිවී නිලධාරින් පවසයි.

මොවුන්  අවුරුදු 20-25 අතර පසුවන තබ්බෝව ප්‍රදේශයේ  පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් සතුව තිබියදී බලපත්‍ර රහිත ගිනි අවියක් , විදුලි පන්දමක්, ජීව පතුරම්, හිස් කොපු 3 ක් නවීන පන්නයේ යතුරුපැදියක් ජංගම දුරකථන දෙකක් වනජීවී නිලධාරීන් බාරයට ගෙන තිබේ.