මගීන් නගිමින් සිටි බසයක බවුසරයක් ගැටී 4 කට බරපතළයි



          
(මොහොමඩ් බුහාර්ඩීන්)
 
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප‍්‍රදේශයේදී බස් - බවුසර් හා යතුරුපැදි අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.


අද (12) කොලඹ සිට පොලොන්නරුවට ධාවනය වෙමින් තිබු බස් රථයක් ගලේවෙල පහලවැව ප‍්‍රදේශයේ දී බස් නැවතුම්පළක නවතා මගීන් පිරිසක් බස් රථයට ගොඩ කරගනිමින් සිටියදී මිනුවන්ගොඩ සිට කැකිරාවට යමින් තිබු ඉන්ධන බවුසර් රථ රියදුරෙකුට සිය රථයේ වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ පසෙක නවතා තිබු යතුරුපැදියක හා බස් රථයේ පිටුපස ගැටී නතර වී ඇතැයි ගලේවෙල පොලිසිය කරන ලද මුලික විමර්ශන වලදි හෙළිවී තිබේ.


බස් රථයේ පා පුවරුවේ සිටි දෙදෙනෙකුද යතුරුපැදියේ සිටි කාත්තාවක්ද බවුසර් රථ රියදුරුද තුවාල ලබා ගලේවෙල දිසා රොහලට ඇතුළත් කර ඇත.


බස් රථයේ සිටි දෙදෙනා හා යතුරුපැදියේ සිටි කාන්තාවගේ තත්වයට බරපතල වු හෙයින් ඔවුන්  වැඩිදුර ප‍්‍රතිකාර සඳහා දඹුල්ල මුලික රෝහලට මාරුකර යවා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.