
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මන්නාරම සිට කොළඹ බලා ධාවනය කළ මගී ප්‍රවාහන බස් රථයක් මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයෙදි මාර්ගයෙන් ඉවතට පෙරළී ගියන මගී 30 දෙනකුගේ පමණ ජීවිත නූලෙන් බේරුණු මදුරන්කුලිය පොලිසිය කියයි.
මන්නාරම සිට කොළඹ බලා ගමන් කරමින් තිබු මෙම සුඛෝපභෝගි බස් රථය මදුරන්කුලිය 10 කනුව ප්‍රදේශයෙදී වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදි එකවර මාර්ගයෙන් ඉවතට බස් රථය පෙරළි ගොස් ඇතැයි කියයි.
බස් රථය එක් පැත්තකට පෙරළි ගියද ඒ වන විට බස් රථයෙ බස් රථයෙ ගමන් කරමින් සිටි මගීන් 30 කට ආසන්න පිරිසට මහත් වෙහෙසක් දරා බස් රථයෙන් පිටතට පැමින ඇති බව පොලිසිය කියයි.


